ජනාධිපතිවරණය ගැන තීරණය කිරීමට ඒකාබද්ධය අදත් , ශ්‍රීලනිප හෙටත් රැස්වේ

2019 වර්ෂයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයේ සූදානම් වීම පිළිබඳව පූර්ව සාකච්ඡා සඳහා විශේෂ සාකච්ඡා වට දෙකක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (18දා) දින පැවැත්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා ප්‍රකාශ කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම අද (18දා) පෙ.ව. 11.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. එසේම අද සවස 5.30ට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමද පැවැත්වීමට නියමිත බව පැවසේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (19දා) රාත්‍රි 7.00ට මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවෙසේදී පැවැත්වෙන බව පැවසේ.

පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු, පක්ෂ සම්මේලනය සහ නව ආසන සංවිධායක තනතුරු ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසා තිබේ.

මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව පක්ෂ සම්මේලන කමිටුවද රැස්වීමට නියමිතය.

Sithara Sajeewani :