தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
ජනාධිපතිවරයා ගෙන ඇත්තේ ව්‍යවස්ථා විරෝධී පියවරක් - ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ කලාකරුවෝ‘ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරයා ගෙන ඇත්තේ ව්‍යවස්ථා විරෝධී පියවරක් – ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ කලාකරුවෝ‘



ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීමත් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමත් ජනාධිපතිවරයා විසින් ගෙන තිබීම සම්බන්ධයෙන් කලාකරුවන් පිරිසක් අද(29) මාධ්‍ය හමුවකදී විරෝධය පළ කර ඇත.

‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ කලාකරුවෝ‘ සංවිධානය මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ මේ ක‍්‍රියාව නිසා රට බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බැවින් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවා රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලෙසය.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ රාජගිරිය පිහිටි කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමවෛ්අදහස් දැක්වූ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මෙසේද කීවේය.
‘‘රටේ බරපතල අර්බුදයක් ඇතිවී තිබෙනවා. පැරණි දුර්දාන්ත පාලන ක‍්‍රමය වෙනස් කර යහපාලන රජය ස්ථාපිත  කිරීමට කලාකරුවන් කැපවුනා. කිසියම් දේශපාලනික  කුමන්ත‍්‍රණයක් ව්‍යවස්ථා විරෝධී ලෙස රටේ සිදුව තිබෙනවා.  අප විසින් පත්කරපු ජනාධිපතිවරයා විසින්ම එය සිද්ධ කරලා තිබීම පිලිබඳ අපි කණගාටු වෙනවා. ඒ නිසා අපිට මේක තවදුරටත්  බලාගෙන ඉන්න බැහැ.
ඒකාධිපති පාලනයට එරෙහිව  පැමිණි ජනාධිපතිවරයෙක්  විසින් අත්තනෝමතික  විදියට අගමැතිවරයෙක් පත්කරනවනම් අපේ රටේ  දේශපාලනය වෙනත් මගක යනවා කියලා තමයි කියන්න වෙන්නේ.
කලාකරුවන් , විද්වතුන්, සිවිල් ක‍්‍රියාකාරීන් ඇතුළු හැට දෙලක්ෂයක ජනතාවක් එක්ක මේ පාලන ක‍්‍රමය ස්තාපිත කරගත්තෙ මේ මග යන්න නෙමෙයි.
ඒකාධිපති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව කටයුතු කරන්නේ නැතුව වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කලාකරුවන් හැටියට අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  මේ ගැන  ජනාධිපතිවරයාට බල කිරීමටත්  ජනතාව දැනුවත් කිරීමටත් කලාකරුවන් කටයුතු කරනවා.
ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර  වහාම පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  අතරින් වැඩිම කැමැත්ත ඇති  අයෙකු අගමැති ලෙස පත් කරන්න කියලත් අපි ඉල්ලා සිටිනවා‘‘

මෙම අවස්ථාවට ප්‍රවීන කලාකරුවන්, මාධ්‍යවේදීන් හා විචාරකයන් පිරිසක්ද සහභාගි වූහ.