Posted on 12.09.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර ඇති කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව අධිකරණයට වාර්තා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (08) නීතිපතිවරයාට නියෝග කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කඩ කරමින් ඇමතිරු පත්කර ඇති බවට ඉංජිනේරු කපිල රේණුක පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් විභාග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝගකර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් ඇමතිවරුන් 30 දෙනෙකු සහ රාජ්‍ය ඇමතිවරුන් 40 දෙනෙකු සිටිය යුතු බව දක්වා ඇත. මේ වනවිට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 76 දෙනෙකු සිටින බැවින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (1) අ සහ ආ ව්‍යවස්ථාවලට පටහැනිව ක්‍රියාකර ඇති බව එම පෙත්සමෙන් දක්වා ඇත. ජනාධිපති අගමැති සහ ඇමති මණ්ඩලය මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසින් නම් කර ඇත.
විජිත් කේ මලල්ගොඩ, යසන්ත කෝඩාගොඩ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කර ඇත්තේ සති දෙකක් තුළ මේ වනවිට සිටින කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව අධිකරණයට දන්වන ලෙසයි.