Posted on 10.31.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුවේ කාබනික පොහොර ඇනවුමක් සම්බන්ධ ගැටලුව නිසා මෙරට චීන තානාපති කාර්යාලය විසින් ‘මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කිරීම’ සම්බන්ධ තමන් දන්නේ නැති බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පවසයි.
මුදල් ඇමතිවරයා යටතේ පවතින මෙරට ප්‍රධානතම රාජ්‍ය බැංකුවක් අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට චීනය කටයුතුකළ පසුව ඒ ගැන දන්නේ නැති බව මුදල් ඇමතිවරයා පවසා ඇත්තේ මාධ්‍යවේදින් කළ විමසීමකදීය.
මුදල් ඇමතිවරයා මේ ආකාරයෙන් ‘තොත්ත බබා’ පිළිතුරක් ලබාදී ඇත්තේ ඉදිරි අයවැය වෙනුවෙන් ‘දළදාවේ ආශීර්වාද ලබාගැනීමට’ ගිය අවස්ථාවේ බව මාධ්‍ය වාර්තා පවසයි.