ජනාධිපති මෛත්‍රිපාලගේ ඉත්තන් ඇදීම ආණ්ඩුකාර පත්විම් දක්වා ඉදිරියට!

දේශපාලන හිතවත්කම් අනුව තනතුරු වෙනස් කිරීමෙන් ඉදිරි දේශපාලන ගමනට වාසිදායක මාවතක් සකස් කරගැනීමේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යමින් ජනාධිපතිවරයා ආණ්ඩුකාර තනතුරු තමන්ට හිතවත් පුද්ගලයන්ට ලබාදීමේ සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
එහි පළමු පියවර ලෙස ද (31) පළාත් ආණ්ඩුකාරවරුන් 9දෙනාට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දැනුම් දෙනු ලැබ ඇත.
මේ වනවිට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස හේමකුමාර නානායක්කාර, දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස මාර්ෂල් පෙරේරා, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පී.බී. දිසානායක, වයඹ ආණ්ඩුකාරවරයා ලෙස කේ. සී. ලෝකේෂ්වරන් කටයුතු කරති. එසේම උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ, නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස රෝහිත බෝගොල්ලාගම, උතුරුමැද ආණ්ඩුකාරවරයා ලෙස එම්. පී. ජයසිංහ, ඌව ආණ්ඩුකාරවරයා ලෙස ආරිය බී. රැකව කටයුතු කරන අතර සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස නිලූකා ඒකනායක කටයුතු කරයි.
ජනාධිපතිවරයා විසින් පසුගිය ශ්‍රිල.නි.ප. මධ්‍යම කාරක සභාවේදී ප්‍රකාශ කර ඇති ආකාරයට පළාත් ආණ්ඩුකාරවරුන් අලුතින් පත්කිරීම සඳහා පියවර නෙ ඇති අතර මේවනවිට ධුරයේ සිටින ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකුට එම තනතුරු අහිමි කරමින් ජනාධිපතිවරයාට පක්ෂපාති පුද්ගලයන්ට එම තනතුරු ලබාදීමේ ක්‍රියාදාමයකට මුල පුරනු ලැබ තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධව ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි අනාවරණය වී නැත.

Chandana Sirimalwatte :