ජනාධිපති ‘රණවිරු‘ තුරුම්පුවත් අතට ගනී!

COLOMBO, SRI LANKA - JANUARY 09: Sri Lanka's newly elected president Maithripala Sirisena (C) prepares to take oath as he is sworn in at Independence Square in Colombo on January 9, 2015 in Colombo, Sri Lanka. Sirisena will be the 7th President of the Democratic Socialist Republic of Sri Lanka. (Photo by Buddhika Weerasinghe/Getty Images)

ජනාධිපතිවරණයකට සූදානම් වෙමින් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුකරණය කරමින් යුද්ධයේදී මියගිය හෝ තුවාල ලැබූ සොල්දාදුවන් දේශපාලන වාසියට පාවිච්චි කිරිමට කටයුතු සූදානම් කරමින් සිටී.

2009 යුද්ධය අවසන් කළ වසරේ සිට වසර 10ක් සපිරීම නිසා 2019 ‘රණවිරු වසර‘ ලෙස නම්කරන ලෙස නිලධාරින්ට උපදෙස් දෙමින් ජනාධිපතිවරයා දකුනේ ජනප්‍රියතාවය වෙනුවෙන් සිය අලුත්ම තුරුම්පුව ගසා ඇත. මේ වනවිට යුද්ධය සම්බන්ධ පසු විමර්ශන කිසිවක් නොමැතිව, සොල්දාදුවන් හා උතුරේ සටන්කාමින් විසින් කළ යුද අපරාධ සම්බන්ධ යාන්ත්‍රණයක් පිළිබද ජිනීවා යෝජනා පිළිබදවද එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුලුවට දුන් පොරොන්දුද තවමත් සම්පූර්ණ කර නැත. ඒ අතර, 2015 ආණ්ඩුවද සහයෝගය ප්‍රකාශ කළ එක්සත් ජනපද යෝජනාවෙන් ඉවත්වන්නටද ආණ්ඩුව තීරණය කර තිබේ.

මේ වසර තුල දකුණේ ජනප්‍රිය නායකයකු බවට පත්වෙමින් ජනාධිපතිවරණයට මුහුණදීමේ උවමනාවක් ජනාධිපතිවරයා සතුව ඇති බව මෙම ‘රණවිරු‘ වර්ෂයෝජනාවෙන් හෙළි වේ.

Chandana Sirimalwatte :