தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
ජාත්‍යන්තර දුරකථන බද්ද නැවත අයකිරීමට මෛත්‍රීගෙන් උපදෙස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාත්‍යන්තර දුරකථන බද්ද නැවත අයකිරීමට මෛත්‍රීගෙන් උපදෙස්



මෙවර අයවැයෙන් ඉවත් කරන ලද ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව නැවත පනවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (12) කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇතැයි වාර්තාවේ.

ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කිරීමෙන් රජයට රුපියල් කෝටි 600ක පමණ වාර්ශික ආදායමක් අහිමිවන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

මේ බැවින් මේ පිළිබඳව යළි සලකා බලා එම ගාස්තුව නැවත අය කර ගැනීමට කටයුතු කරන්නැයිද ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තාවේ.

විදේශ ශ්‍රමිකයින්ගේ පවුල්වලට සහය දැක්වීමේ පියවරක් ලෙස ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කිරීමට මෙවර අය වැයෙන් පියවර ගෙන තිබේ.