தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
මහින්ද ජනාධිපතිවරණයේ පරාජය දැන්ම භාරගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද ජනාධිපතිවරණයේ පරාජය දැන්ම භාරගනී!



ඉදිරි ජනාධිපතිවරණයකදී පුලුල් සන්ධානයකින් තරග කරන්නට සිදුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිගෙන ඇති බව ඔහු කරන ප්‍රකාශ අනුව අනාවරණය වේ.

මේ දක්වාම පොදුජන පෙරමුණ ලෙස හෝ එම පක්ෂය එ.ජ.නි.ස. සමග පිහිටුවන සන්ධානයකින් ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවක් මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ මහින්ද කන්ඩායමට තිබුණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග එක්ව දේශපාලන පෙරමුණකින් ජනාධිපතිවරණයට යන්නට රාජපක්ෂවාදින් සූදානම් වුවද තරග කරන ලකුණ සම්බන්ධව විවාදයක් ඇති විය. විශේෂයෙන්ම පොහොට්ටුව ලකුනින් තරග කරනවාද යන්න නැත්නම් එ.ජ.නි.ස. බුලත් කොළය ලකුනින් තරග කරනවාද යන්න විවාදිත කාරණයක් විය.

කෙසේවෙතත් පොහොට්ටුව ලකුනින් පුලුල් සන්ධානයකින් තරග කරන බවට මහින්ද රාජපක්ෂ පවසන්නේ පොදුජන පෙරමුණ තනිව තරග කළහොත් ජනාධිපතිවරණයකදී පරාජිත වන බව ගණන් බලා ඇති නිසාය. එහෙත් මේ වනවිටත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයකට අවශ්‍ය පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත. එ.ජ.නි.ස. මන්ත්‍රිවරු දිගින් දිගටම පවසන්නේ ජනාධිපතිවරයා දෙවැනි වරටත් තම ජනාධිපති අපේක්ෂකයා බවය. එහෙත් පොදුජන පෙරමුණ තවමත් අපේක්ෂකයකු නම්කර නැත. මහින්ද පාර්ශ්වය කුමන සන්ධානයක් පිහිටුවන්නටත් මෛත්‍රිපාල සිරිසේන ඇතුලු එ.ජ.නි.ස. සහාය ලබාගැනීම තීරණාත්මක කොන්දේසියකි.
මේ අනුව පොදුජන පෙරමුණට මෛත්‍රිපාල සිරිසේන අපේක්ෂකයා ලෙස බාරගැනීමට සිදු වුවහොත් එය මහින්ද රාජපක්ෂගේ තවත් දේශපාලන පරාජයක් බව නිසැකය.