தமிழ்
English
Contact
Monday 6th May 2019    
ජාතික ආණ්ඩුවලින් වෙච්ච සෙතක් නෑ - නව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ එජාප සැලස්මට පසුපෙළ මන්ත්‍රීන්ගේ විරෝධය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාතික ආණ්ඩුවලින් වෙච්ච සෙතක් නෑ – නව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ එජාප සැලස්මට පසුපෙළ මන්ත්‍රීන්ගේ විරෝධය



නැවතත් ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සියතින බෙල්ල සිරකර ගැනීමක් බව කී මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුවට මාස 10ක් වැනි ඉතා කෙටි කලක් පමණක් ඉතිරිව ඇති හෙයින් එම ජාතික ආණ්ඩු සෑදීමේ ප්‍රතිඵලය කුමක්දැයි විමසා ඇත.

ඇමති මණ්ඩලය වැඩි කරගැනීමට පමණක් ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු නැති බවත් පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පිහිටවූ ජාතික ආණ්ඩුවෙන් කිසිදු සෙතක් නොවූ බවත් පවසා තිබේ.

ජනාධිපතිවරණයේදී ද එකට තරඟ කළ හැකි, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට උදව් කිරීමට කැමති කණ්ඩායම් සමඟ එකතුවී ඉදිරි ජනාධිපතිවරණය දක්වා ස්ථාවරව රට පාලනය කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුතුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සැලස්මක් ඇති බව එජාපය නිවේදනය කර තිබුණි. එහි අරමුණ වී ඇත්තේ මහින්ද පාර්ශවයට විරුද්ධ බලය ඒකරාශී කර ගැනීම විය යුතුය. නමුත් ජනතාව සමඟ ගැටෙන එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ට එය ගැටලුවක් වීම පුදුමයට කරුණක් නොවේ. ජනතාව නගන චෝදනාවලට සහ ඔවුන් නගන ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන්නේ රනිල්ලාට නොව ඔවුනට බැවිනි.