Posted on 03.14.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති වැය ශීර්ෂය එජාප පසුපෙළ මන්ත්‍රීන්ගේ විරෝධය මත ඡන්දයකින් තොරවම පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබේ.
සම්මත කිරීම සඳහා ශිර්ෂ අංක එක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි නැගී සිට බෙදීමක් ඉල්ලා සිටියේය.
බෙදීමක් අවශ්‍යදැයි කතානායක කරු ජයසූරිය මහතා යළි ප්‍රශ්න කළ අතර එම අවස්ථාවේ ලක්ෂමන් කිරිඇල්ල සභානායකවරයා නැගී සිට බෙදීමක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කළේය.
ඒ සමඟ පසුපෙළින් ඝෝෂාකාරී තත්ත්වයත් ඇති වී ඇති අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ නැගී සිට යළිත් වරක් බෙදීමක් අවශ්‍ය නැති බව දැනුම් දී ඇත.
ඒ අනුව ඡන්දයකින් තොරව ජනපති වැය ශීර්ෂය සම්මත විය.
මිට පෙර ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරන බව එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබුණද විවාදය පැවැත්වුණු ඊයේ දින අඛිල විරාජ් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුනේ ජනපති වැය ශිර්ෂයට විරුද්ධ වීමට පක්ෂයක් ලෙස තීරණය කර නැති බවත් එයට පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කර ඇති බවත්ය.