Posted on 11.28.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ ජාතිවාදී ගැටුම් ඇවිල ගිය 2018 මාර්තු මාසයේදී Facebook සමාජ ජාලා හරහා වෛර සහගත ප්‍රචාරයන් සිදුවනවිට ඒවා ඉවත්කිරීමට නොහැකිවීම තම සමාගම විසින් සිදුකළ විශාල වරදක් බව Facebook සමාගමේ ‘ප්‍රතිපත්ති පිළියම්‘ සම්බන්ධ නියෝජ්‍ය සභාපති රිචඩ් ඇලන් පිළිගනී.
ඔහු මේ බව පිළිගත්තේ ‘සියලු මුස්ලිම්වරු මරා දැමිය යුතු‘ බවට සිංහල බසින් පළ කෙරුනු ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රශ්න කිරීමේදීය. Facebook ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් පළ කළ එම පෝස්ටුව මගින් ජාතිවාදී වෛරය ව්‍යාප්ත වෙද්දී කිසිවක් නොකළේ ඇයිදැයි ෆේස්බුක් ප්‍රධානියාගෙන් ප්‍රශ්නකර ඇත්තේ සිංගප්පූරුවේ නීතිය හා සෞඛ්‍ය සම්බන්ධ ජ්‍යෝෂ්ඨ රාජ්‍ය ඇමති එඩ්වින් ටොං විසිනි.
එහිදී පිළිතුරු දෙමින් Facebook නියෝජ්‍ය සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණේ තම සමාගමේ විමර්ශකයන්ට එම වෛර සහගත පෝස්ටුව මගහැරී ගොස් තිබුණු බවත් එය වරදක් බවය. ලන්ඩන් නගරයේදී සාවද්‍ය ප්‍රවෘත්ති සහ වැරදි තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර සාක්ෂි විභාගයේදී මෙසේ පිළිතුරු දෙන්නට Facebook සමාගමට සිදු විය.

සිංගප්පූරුවේ නීතිය හා සෞඛ්‍ය සම්බන්ධ ජ්‍යෝෂ්ඨ රාජ්‍ය ඇමති එඩ්වින් ටොං