Posted on 04.21.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඇතිව තිබෙන ප්රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් විවිධ කටකතා ව්‍යාප්ත කිරීම වළක්වනු පිණිස සියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර කරන බව ආණ්ඩුව නිවේදනය කරයි.
මේ අනුව, ෆේස්බුක්, වයිබර්, වට්ස් ඇප්, ඉමෝ, යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ලංකාව තුළ අක්‍රිය වනු ඇත.
අද දින පෙරවරුවේ කොළඹ අවට හා මඩකලපුවේ පිපිරීම් සිදුවීමෙන් පසුව මරණ හා තුවලාකරුවන් සම්බන්ධ නිල නොවන ප්රවෘත්ති සමාජ මාධ්‍යවල පළවන්නට වූ අතර බන්පසුව දෙමටගොඩ ප්‍රෙද්ශයේ පිපිරීම් සම්බන්ධයෙන්ද සමාජ අවධානය මුලින්ම පළවූයේ ෆේස්බුක් මගිනි. මේ තත්වය යටතේ ලංකාවේ තොරතුරු හුවමාරුවීමේදී සමාජ මාධ්‍යවල ක්‍රියාතාරිත්වය වාරණයට ලක්වන අතර ආණ්ඩුව විසින් ජාතිවාදී හා ආගම්වාදී ප්රචණ්ඩ අදහස් හා අන්තවාදී උත්සාහයන් වැළැක්වීමේ අරමුණ පෙන්වමින් රාජ්‍ය බලහත්කාරය සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත.