Posted on 02.16.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී පාද විද්‍යාපීඨ සංස්කෘතික උත්සවයක් වෙනුවෙන් ඉදිකෙරුණු වතු කම්කරු කාන්තාවකගේ පිළිරුව එම විද්‍යාපීඨයේ පාලනාධිකාරිය, ආණ්ඩුව සහ වතුකම්කරුවන් නියෝජනය කරනවා යැයි කියන ඇමති තොණ්ඩමන් මැදිහත්වී ඉවත්කර තිබේ.
පෙබරවාරි 12 දින සිට 14 තෙක් ‘මුහවරි'(අනන්‍යතාව) යන තේමාවෙන් පැවති එම සංස්කෘතික උත්සවයේදී නිර්මාණ ඉදිරිපත් කළ ගුරු සිසු සිසුවියන්ගේ අවධානය වැඩි වශයෙන් යොමුව තිබුණේ අවට වතු කම්කරු ජනයාගේ ජීවිතය නිරූපණය කරන කලා කෘතීන්ටය. එක් අතකින් තමන් නියෝජනය කරන ජන ප්‍රජාවගේ සමාජ ආර්ථික පරිසරයෙන් විතැන්වූ කලා සංස්කෘතික නිර්මාණයක් අව්‍යාජ කලාකෘතියක් වන්නේද නැත.
එසේම ගුරුවරුන් වෘත්තිය හා ශාස්ත්‍රිය පුහුණුවකට ලක්කරන අධ්‍යාපන විද්‍යාපීඨ අතුරින් ශ්‍රිපාද විද්‍යාපීඨය විශේෂිත වන්නේ වතුකම්කරු ප්‍රදේශවලින් මෙන්ම වෙනත් ප්‍රදේශවලින් තෝරාගන්නා තමිල් හා සිංහග මාධ්‍ය ශිෂ්‍ය ගුරුවරුන් පුහුණුවන ශාස්ත්රාලීය මධ්‍යස්ථානයක් වශයෙනි. එම විද්‍යා පිඨයේ පැවැත්වුණු සංස්කෘතික උළෙලකට සමගාමීව ඉදිකළ මෙම පිළිරුව ඉවත් කිරීමට නියෝග කරමින් ශ්‍රී පාද විද්‍යාපීඨයේ පාලනාධිකාරිය විසින් පවසා ඇත්තේ මෙය ඉදිකිරීමට අවසරයක් ගෙන නොමැති බව සහ මේ හරහා එක ජන කොටසක් පමණක් නියෝජනය කරන බැවින් එය එහි ඉදිකිරීම පවා ජාතිවාදී ක්‍රියාවක් බවයි. වතු කම්කරු කාන්තාවක් නිරූපනය කරමින් නිමවා තිබූ පිළිමය පාලනාධිකාරිය විසින් ඉවත්කරන අවස්ථාවේදී සමස්ත වතු කම්කරු ප්‍රජාවගේ ඡන්දයෙන් බලයට පත්වන සහ ඔවුන්ගේ අවශ්‍යතා නියෝජනය කරන බව පවසන අරුමුගම් තොණ්ඩමන් ඇමැතිවරයාද එය නරඹමින් එම ස්ථානයේ සිටි බව වාර්තා වේ.
පහත පළවන්නේ ‘මුහවරි’ සංස්කෘතික උත්සවයේ සේයාරූ පෙළකි.