Posted on 08.04.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පසුගිය දා ජෝර්දානයේ කැමල් වේගා ටෙක්ස්ටයිල් ආයතනයේ ශ්‍රමිකයන් හට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පළකිරීම හා මෙම ශ්‍රමිකයන් හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස බලකරමින් ලංකාවේ ජෝර්දාන් කොන්සල් කාර්‍ය්ලය වෙත අද (2020.8.4.)නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ලිපියක් බාර දී තිබේ. එහිදී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවේ මැතිවරණය අස්සේ මේ ශ්‍රමිකයන්ගේ ගැටලුව යටපත් නොකිරීමට ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස ජෝර්දාන් කොන්සල් කාර්යාලයට මෙම ලිපිය බාරදුන් බවයි. එසේම ලාංකික ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගන්නා තුරු නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ලෙස අඛණ්ඩව සටන් කරන බවද ඇය පැවසීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්ණය රජය විසින් නොසලකා හරිනවා පමණක් නොව ඔවුන්ව රවටමින් සිටින බවයි.
