Posted on 09.13.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ඇය සේවය කල නිවසේ ස්වාමියා විසින් කල පහර දීමකින් මිය ගොස් ඇති බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කර තිබේ.
46 හැවිරිදි එම කාන්තාව බරපතල කැපුම් තුවාල සහ පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇතැයි සදහන්ය.
මේ වන විට එම නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.