Posted on 01.18.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ජනවාරි 20ට නියමිත එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ජෝ බිඩන්ගේ දිවුරුම් දීමේ උත්සවයේ පෙරහුරුවක්, ඊයේ(17) අවසන් මොහොතේ අවලංගු කිරීමට තීරණයකර තිබේ.
රටපුරා විශේෂ ආරක්ෂක පියවර ගෙන තිබියදී පවා පෙරහුරු අවස්ථාව ආරක්ෂක අවදානමකට මුහුණ දී ඇතැයි තීරණය කිරම නිසා අයලංගු කරණ ලද අතර පෙරහුරුවක් පැවැත්වෙන අවස්ථාවක් තවම නිවේදනයකර නැත.
එරට දේශපාලනයේ වැදගත් අවස්ථාවක් ලෙස සැළකෙන මෙම උත්සවය, ජනප්‍රිය කලාකරුවන්ගේද සහභාගිත්වයෙන් පැවැත්වීමට සූදානම් කෙරෙන බව නිවේදනය කෙරිණි.
අමෙරිකා එක්සත් ජනපදයේ මෙන්ම ලොව පුරා ඉමහත් ජනප්‍රසාදයක් දිනා සිටින ප්රසාංගික කලාකරුවන් වන ජෙනිෆර් ලෝපෙස් සහ ලේඩි ගගා ඇතුළු කලාකරුවන් රැසක් මෙම ආරාධිතයන් අතරට ඇතුළත් ය.
ජනවාරි 20 වන දින පැවැත්වෙන දිවුරුම් උත්සවයේදී රංගන ශිල්පිණියක, රූපලාවණ්‍ය හා විලාසිතා පිළිබඳ නවාංග ශිල්පිණියකවන ලේඩි ගාගා එක්සත් ජනපද ජාතික ගීය ගායනා කරන්නට ආරාධනය ලැබ සිටී. ජෙනිෆර් ලෝපෙස් විසින් උත්සවය පැවැත්වීමට නියමිත කැපිටල් පරිශ්‍රයේ බටහිර පෙරමුණේ සංගීතමය විචිත්‍රාංගයක් පවත්වන්නට නියමිතය.
ඉන්පසුව, 78 හැවිරිදි බිඩෙන් එඑරට 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය. 56 හැවිරිදි කමලා හැරිස් එක්සත් ජනපදයේ උප ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇත.
කෙසේවෙතත් හේතු කිහිපයක් නිසා මෙම අවස්ථාව සාමාන්‍ය සමාරම්භක උත්සවයක් නොවේ. කොරෝනා වසංගතය අතර සිදුවන මෙම නව පත්වීමේ අවස්ථාව නිසා පමණක් නොව, ට්‍රම්ප්වාදී මැර පිරිසක් පසුගිය සතියේ කැපිටල් පරිශ්‍රය අත්පත් කරගෙන සිදුකළ ප්රචණ්ඩ මැදිහත්වීමෙන් පසු සිදුවෙමින් පවතින විශේෂ ආරක්ෂක විධිවිධාන හේතුවෙන් එය අමෙරිකා ඉතිහාසයේ සුවිශේෂී දිනයක් ලෙස සටහන්වනු ඇත.
මේ වනවිට එක්සත් ජනපදයේ රාජ්‍ය ඔත්තු සේවා විසින් ට්‍රම්ප්වාදී ප්රචණ්ඩත්වය ව්‍යාප්තවනු ඇති බවට ඇති තොරතුරු මත සමස්ත එක්සත් ජනපදයේ ප්‍රාන්ත රාජ්‍ය සියල්ලගේ සියලු රාජ්‍ය ආයතන හා ප්‍රසිද්ධ ස්ථානයන්හි දැඩි ආරක්ෂක මුරකාවල් තරකර ඇත.
දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන වොෂින්ටන් අගනගරයේ කැපිටල් හි පමණක් ජාතික ආරක්ෂක භටයන් 10,000 කට වැඩි පිරිසක් රඳවා සිටින අතර තවත් 5,000 ක් අවශ්‍ය අවස්ථාවක සේවයට සීරුවෙන් තැබෙන් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.