Posted on 01.21.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බිඩන් සිය ධුරයේ පළමු දිනයේම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්රතතිපත්ති ආපසු හැරවීමේ පියවර ගෙන ඇත.
ඔහු සිය ධුරයේ පළමු දිනයේ දී සංක්‍රමණ, දේශගුණික විපර්යාස, වාර්ගික සමානාත්මතාවය සහ කොරෝනා වසංගතය පිළිබඳ ගත් ක්‍රියාමාර්ග ආපසු හැරවීමේ නියෝගවලට අත්සන් තබා ඇත.
ඊයේ(21) කැපිටල් හි දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසු එක් පෑන් පහරකින් එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදිකිරීම නවත්වන ලෙස නියෝග කළේය.
එපමණක් නොව, ඇතැම් මුස්ලිම් රටවල සිට එක්සත් ජනපදයට ආගමනය සඳහා පනවා තිබුණු තහනම අහෝසි කිරීමට, පැරිස් දේශගුණික ගිවිසුමට හා ලෝක සෞඛ්‍ය සංවිධානයට නැවත ක් වීමේ අභිප්‍රාය ප්රකාශයන්ටද ඔහු අත්සන් කළේය.
ජනාධිපති බිඩන් විසින් පළමු දිනයේම අත්සන් කළ
‘විධායක පියවර’ 15 සහ නියෝග 2ක්, මගින් ඔහු පසුගිය ජනාධිපතිවරයාගේ වසර 4ක ෆෙඩරල් ප්‍රතිපත්ති නැවත සකස් කිරීමේ උත්සාහයක් නිරූපණයකර ඇත.