ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයාට වන්දි ගෙවන ලෙස දුන් තීන්දුව ගැන වීරවංශගෙන් අභියාචනයක්!

“නැත්ත වෙනුවට ඇත්ත” නමැති කෘතියක් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ලේඛණ යොදා ගැනීම තුළින් බුද්ධිමය දේපළ හිමිකම් උල්ලංඝනය කර ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා වෙත රුපියල් මිලියනයක වන්දියක් ගෙවන මෙන් කොළඹ වාණිජ මහාධිකරණය තමන්ට කළ නියෝගය අහෝසි කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

ඊයේ (24) කොළඹ වාණිජ මහාධිකරණ හමුවේ විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ නීතීඥවරු විසින් ගොනු කරනු ලැබූ මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන්නට අපේක්ෂිතය. අභියාචනා අයදුම්පත ගොනුකරමින් මන්ත්‍රීවරයා කියා සිටින්නේ තමා විසින් රචනා කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය සඳහා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ලේඛණ යොදා ගැනීම තුළින් බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවට කොළඹ වාණිජ මහාධිකරණය එම තීන්දුවට එළඹ ඇත්තේ නිසි කරුණු හැදෑරීමකින් තොරව බවය. මේ හේතුවෙන් අදාල වාණිජ මහාධිකරණ තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන්ද  විමල් වීරවංශ මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

Chandana Sirimalwatte :