ජ.වි.පෙ. වෘත්තිය සමිති මධ්‍යස්ථානයෙන් ලෙනින් කියැවීමක්!

ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තිය සමිති මධ්‍යස්ථානය විසින් ජනවාරි 22 සවස 3.30ට කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී ‘ලෙනින් කියැවීමේ සම්මන්ත්‍රණයක්’ සංවිධානය කර තිබේ.

1917  ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දුන් ව්ලැදිමිර් ඉල්යිච් ලෙනින් මියගොස් වසර 115ක් සපිරෙන මෙදිනට මේ මොහොතේ රට මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් ලෙනින්වාදී මතවාදය තුලින් කතාබහට ලක්කර ගැනීමේ අරමුණින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත සහ විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුල සමරකෝන් විසින් මෙම සම්මන්ත‍්‍රණයේ දේශන පැවැත්වීමට නියමිතය. පසුගිය වසරේද ජනතා විමුක්ති පෙරමුණ විසින් ‘ලෙනින් කියැවීම’ වෙනුවෙන් ජනවාරි 22 මෙවැනිම වැඩසටහනක් සංවිධානය කර තිබිණි.

Chandana Sirimalwatte :