අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හය වසරක සිරදඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර වෙනුවෙන් නීතිඥයන් ඉදිරිපත් කළ අභියාචනා ඉල්ලීම අද (28) ප්‍රතික්ෂේප කරණ ලදී.
ලබා දුන් දඬුවමද එමගින් යළි තහවුරු කකරණ ලදී. එම අභියාචන අයදුම්පත ඊවා වනසුන්දර , නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.නීතිපතිවරයා විසින් අභියාචන පෙත්සමට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා පිළිගනිමින් මෙම අභියාචන පෙත්සම ඉවත දමන ලදී.