ඥානසාර හිමිට විරුද්ධව නඩු පවරන්න – පොලිසියට නියෝග

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසට විත්ති කූඩුවට නගින මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත සිල්වා නියම කළ අතර ඔවුන්ට එරෙහිව නඩු පවරණ මෙන් පොලීසියට නියෝග කළේය.

ශුද්ධ වූ කුරානයට අපහාස කිරීම සහ වටරැක විජිත හිමියන් නායකත්වය දුන් ජාතික බල සේනා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවට බාධා කිරීම ඔවුන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනාය.

කෙසේ වෙතත් අදාළ නඩුව මීට පෙර අවස්ථාවල කැඳ වූ එවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පදවියේ කටයුතු කළ තිලින ගමගේ ප්‍රකාශ කළේ විත්තිකාර හිමිවරුන් විත්ති කූඩුවට නැගීම අනවශ්‍ය බව ය.

මීට පෙර නඩු දිනවල පොලිසිය ප්‍රකාශ කරමින් සිටියේ නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට පියවර ගනිමින් සිටින බව ය. නීතිපති උපදෙස් ලබා ගැනීම අනවශ්‍ය බවත් චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට පියවර හන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ ය.

මීලග නඩු විභාගය ජුනි මස 15 දින දී පැවැත්වීමට නියමිතය.

Sampath :