ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග

අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවන ලද නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර  හිමි ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර ඇතැයි වාර්තාවේ.

පසුගිය දිනක ශුද්ධ වූ කුරාණයට අපහාස කිරීම හා ජාතික බලසේනාව විසින් පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවකට බලෙන් කඩාපැනීම හා  එයට බාධා කිරීම ඥානසාර  හිමි ඇතුළු පිරිසට එරෙහි එල්ලවී ඇති චෝදනාවේ.

ඉහත සිද්ධිය අදාලව අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති අතර අද දින එම නඩුව අද කැඳවු අවස්ථාවේ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීමේ චෝදනාව මත  උසාවිය මෙම වරෙන්තු නිකුත් කර ඇතැයි වාර්තාවේ.

මේ පිළිබදව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ පවසා ඇත්තේ මෙම සිදුවීමට අදාල වීඩියෝ පට මොරටුව සරසවියට යොමුකර ඇති නමුත් මෙතෙක් ඊට අදාළ විශ්ලේශන වාර්තාව තමන් අතට ලැබී නැති බවයි.

මෙම නඩුව යලි විභාගය නොවැම්බර් 9 වැනිදාට කල්තැබීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද දින නියෝග කළේය.

Madanayaka :