Posted on 04.17.2019 by Chandana Sirimalwatte in ක්‍රීඩා පුවත් with 0 Comments
ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට ගෝල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් වසර 11 කට පසු ප්‍රධාන පෙළේ තරඟාවලියක් ජය ගැනීමට ඊයේ(15) සමත් වූ බව වාර්තා වේ.
අමෙරිකාවේ ඔගස්ටා ගොල්ෆ් තරඟාවලිය ජය ගැනීමට 43 හැවිරිදි ටයිගර් වුඩ්ස් සමත් වූයේ 2008 අවසන් වරට ප්‍රධාන පෙලේ ගොල්ෆ් තරඟාවලියක් ජය ගැනීමෙන් පසුවය.
දිගු කලකට පසුව ටයිගර් වුඩ්ස් හිමිකරගත් මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම හිටපු ජනාධිපති බැරක් ඔබාමාද සුබ පතා ඇති බව විදේස මාධ්‍ය වාර්තා කරයි.