தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
යුරෝපා ගොල්ෆ් ශූරිය එ.ජනපදයේදී ඝාතනය වේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුරෝපා ගොල්ෆ් ශූරිය එ.ජනපදයේදී ඝාතනය වේ



යුරෝපා ගොල්ෆ් ශූරිය වූ සිලියා බාකින් එ. ජනපදයේ ලෝවා ගොල්ෆ් පිටියේදී ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ඝාකනය පිළිබදව සැකකර පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද වාර්තාවේ.

සිලියා යුරෝපා කාන්තා ගොල්ෆ් ශූරිය ලෙස සිය ශූරතාවය දිනා ගනු ලැබුයේ පසුගිය ජූලි මාසදීය. විසි දෙවන වියේ  පසුවිය.  ඇය ලෝවා සරසවියේ සිය අධ්‍යාපන කටයුතු කරමින් සිටියදී ඇයව  ඝාතනයට ලක් වූවාය.

එම සරසවියේ ප්‍රමුඛ ගොල්ෆ් ක්‍රීඩිකාවක් ලෙස සිය හැකියාව වැඩි දියුණු කර ගැනීට ඇය සමත්වූ අතර සිය පුහුණුවීම් කරනු ලබන්නේ මෙම ලෝවා ගෙල්ෆ පිටියේදී බව වාර්තාවේ.

ඇය උපතින් ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් වුවත් වැඩිදුර අධ්‍යාපනය ලබා ඇත්තේ එ.ජනපදයේය.

උසස් අධ්‍යාපනය සදහා ඇය ලෝවා සරසවියට ඇතුලත්ව තිබෙන අතර එහිදී ඇය ගොල්ෆ් ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් ලෙස හැකියාවන් වර්ධනය කර ගැනීමට සමත්වූවාය.

මෙම ඝාතනය පිළිබදව විවිධ සැකයන් පළකරන මුත් නිශ්චිතවම තවම කරුණූ හරි හැටි අනාවරණය වී නොමැති බව වාර්තාවේ.