Posted on 09.24.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
එ.ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වන විනිසුරුධූරය සදහා ජනාධිපති ට්‍රම්ගේ තේරීම වූ බ්‍රෙට් කැවනොෆ්ට එරෙහි අපචාර චෝදනා එල්ලවී තිබේ.
ඔහු යේල් විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු කරන විට තමාට එරෙහිව ලිංගික බලපෑම් සිදුකළ බවට චෝදනා කරමින් සිය සරසවි දිවියේ සමකාලීන ශිෂ්‍යාවක් මේ වන විට ඔහුට එරෙහිව චෝදනා එල්ල කොට තිබේ.
මීට පෙරද බ්‍රෙට් කැවනොෆ්ට එරෙහිව සිය පාසල් යන වියේදී ලිංගික බලහත්කාරකම් කළ බවට එරට මහාචාර්ය වරියක් මුලින්ම චෝදනා එල්ල කර තිබුනි.
මෙසේ චෝදනා එල්ලවීමෙන් පසුව බ්‍රෙට් කැවනොෆ්ට් එම චෝදනා පදනම් විරහිත බව ප්‍රකාශ කළ අතර දැන් තවත් චෝදනාවකට ලක්වීමෙන් ඔහුට සිය අපේක්ෂකත්වයට බාධා වනු ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරති.
මෙම චෝදනා පිළිබදව එරට සෙනෙට් මණ්ඩලය ඉදිරියේ විමර්ශනයක් කරන ලබන බවට ප්‍රකාශවී තිබේ.