ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හමුවේ ශාමල් හා ජනාලි පෙරමුණට

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ නවතම ශ්‍රේණිගත හමුවේ ශාමල් දිසානායක පිරිමි අංශයේ පළමු ස්ථානයත්, ජනාලි මනම්පේරි කාන්තා අංශයේ පෙරමුණටත් පැමිණ තිබේ.

ශාමල් දිසානායක ප්‍රසාද ලකුණු 3000 ක් ලබාගනිමින් පළමු ස්ථානයට පත්ව තිබෙන අතර දෙවන ස්ථානය හිමිකර ගෙන තිබෙන්නේ ප්‍රසාද ලකුණු 2800 ක් ලබාගත් දිනේෂ්කාන්තන් තංගරාජාය. තෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 2200 ක් ලබාගත් දුමිදු දිලුම්ට හිමිව තිබේ.

කාන්තා අංශයේ පළමු ස්ථානය ජනාලි මනම්පේරි හිමිකරගෙන ගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 2800 ක් ලබාගනිමිනි. දෙවන ස්ථානය හිමිකර ගැනීමට ඔනෙලි පෙරේරා සමත්ව තිබෙන්නේ ප්‍රසාද ලකූණු 2100ක් ලබා ගනිමිනි. තෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 2000 ලැබූ සචිනි පෙරේරාට හිමිව තිබේ.

නමුත් මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනා ගෙන් ශාමල් දිසානායක හැර අනෙක් ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ නව වනස්ථානයේ සිටින යසිත ද සිල්වාය. එම ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන ක්‍රීඩිකාවන් දෙදෙනා ලෙස තෝරාගෙන තිබෙන්නේ 4 වැනි ස්ථානය සමව අත්කරගෙන සිටින අංජලිකා කුරේරා සහ අනීකා සෙනෙවිරත්න දෙදෙනාය.

Madanayaka :