தமிழ்
English
Contact
Tuesday 30th April 2019    
ඩීසල් මිල රුපියල් 22න් අඩුවන විට බස් ගාස්තු අඩුවීම 4% යි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩීසල් මිල රුපියල් 22න් අඩුවන විට බස් ගාස්තු අඩුවීම 4% යි



හෙට(26) සිට බස් ගාස්තු 4 % කින් පමණක් අඩු කිරීමට තීරණය වී තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්පුන රණතුංග සහ බස් සංගම් අතර ඊයේ (24) පැවැති සාකච්ඡාවේදී මෙය තීරණය වී තිබුණි.

ඒ අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 12 අඩු නොවන අතර දෙවන අවම බස් ගාස්තුව වන රුපියල් 15, රුපියල් 14 දක්වා අඩු කෙරේ.

බස් ගාස්තු 4 % කින් අඩු කිරීමට තීරණය කර තිබෙන්නේ පසුගිය මාස දෙකක පමණ කාලය තුළ රුපියල් 22 කින් ඩීසල් මිල පහළ ගොස් ඇති තත්ත්වයක් තුළයි.

යළි ඉන්ධන මිල පහළ දැමීමට රජය පසුගියදා (22) ගත් තීරණයත් සමඟ මාස එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් අඩු වී තිබුණි.

එසේම මීට පෙර ද අවස්ථා තුනකදී ඩීසල් මිල පහළ දැමුණු අතර ඒ අනුව පසුගිය මස පළමු වන දා ඩීසල් මිල රුපියල් 07 කින් පහළ දැමූ අතර පසුගිය මස 15 වන දා ඩිසල් මිල රුපියල් 5කින් අඩු කිරීමට රජය පියවර ගත්තේ ය.

පසුගිය මස 30 වන දා මධ්‍යම රාත්‍රියේ ද ඩීසල් හා පෙට්‍රල් මිල රුපියල් 5කින් අඩු කිරීමට රජය කටයුතු කළේ ය.

ඉන්ධන මිල රුපියල් 7න් ඉහළ ගියද බස් ගාස්තු සියයට 4න් වැඩි කරන තත්ත්වයක් තුළ ඩීසල් මිල රුපියල් 22කින් අඩුව තිබියදී සියයට 4න් පමණක් බස් ගාස්තු අඩු කිරීමේ පදනම කුමක්ද යන පැනය මතුවේ.