Posted on 09.12.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය ඉන්ධන මිල සූත්‍රයට අනුව ක්‍රියාත්මක කරන ලෙසට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටියි. එසේම ඩීසල් මිල නැවතත් වැඩි කිරීම නිසා බස් ගාස්තුව ද සියයට 10කින් පමණ වැඩිවිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කර තිබුණි.
ඉකුත් මැයි මාසයේ සියයට 12.5කින් බස් ගාස්තුව වැඩි වූ පසු මේ වනවිට ඩීසල් මිල රුපියල් 14කින් වැඩි වී ඇති බැවින් අනිවාර්යයෙන් බස් ගාස්තු වැඩිවීමක් ලබාදිය යුතු බව ද ඩීසල් මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් හිමියන්ට ගාස්තු ඉහළ දැමීමට ක්‍රමවේදයක් නොමැති නිසා ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් හිමියන්ට මාසයකට වරක් බස් ගාස්තුව ඉහළ දැමිය නොහැකි බවද ඔවුන් පවසයි.
මේ නිසා ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය මුදල් අමාත්‍යාංශයට පවරාගෙන ඩීසල් මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තුවත් ඉහළ දමා ප්‍රකාශයට පත් කරන ලෙසට ඉල්ලා සිටින බවද බස් හිමියන් සඳහන් කර ඇත .