Posted on 08.18.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය රෙන්මිබි බිලියන(RMB) 2ක ‘කාලීන මූල්‍ය පහසුකම් ගිවිසුමකට’ එළඹි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් පවසයි.
එය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 61.5ක මුදලකි. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි අදාළ මූල්‍ය පහසුකම දුන් බව එම පණිවුඩයේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වෙනුවෙන් සහ ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරභාවය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම යන අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාදෙන ලෙස ලංකාව සිදුකළ ඉල්ලීමකට අනුව චීන සංවර්ධන බැංකුව මෙම ණය පහසුකම ලබාදෙන බව සඳහන් වේ.