Posted on 06.23.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඊයේ පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
එම පනත යටතේ අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාර ගතකර සිටින LTTE රැඳවියන් සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් අධිකරණ ඇමතිවරයා මේ බව පවසා ඇත.
ලංකාවේ උද්ගතවී ඇති දැඩි මර්දනකාරී තත්වය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිසා ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම හා වෙළඳ සබඳතා අභියෝගයට ලක්වන බව යුරෝපා පාර්ලිමේන්තුව විසින් ලංකා ආණ්ඩුව වෙත පණිවිඩයක් එවා තිබුණි. එහිදී අවදානය යොමුකර තිබූ විශේෂ කරුණක් වූවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත පාවිච්චි කරමින් විවිධ පුද්ගලයන්ට සිදුවන බලපෑම් කෙරෙහි අවධානය යොමු කරමින්, සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන්, ලේඛකයන් මෙන්ම සුළුතර ප්රජාවන්ගේ සහ සිවිල් සමාජයේ සාමාජිකයන් ඉලක්ක කර රජය බලහත්කාරියක් භාවිතා කරන බවයි. මෙම තත්ත්වය අනුව ලංකාවට ලබාදී ඇති GSP+ සහනය ඉවත්කිරීමේ අනතුරක් මතුව තිබුණි. ආණ්ඩුවේ මෙම හදිසි කිඹුල් කඳුළු හෙළීමට හේතුව එයයි.