Posted on 06.11.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) මේ වනවිට ලංකාවේ සිදු වෙමින් තිබෙන මානව හිමිකම් කඩවීම් හා මර්දනකාරී තත්වයන් සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුවෙන් මෙරට ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
ලංකාවේ උද්ගතවී ඇති දැඩි මර්දනකාරී තත්වය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිසා ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම හා වෙළඳ සබඳතා අභියෝගයට ලක්වන බව යුරෝපා පාර්ලිමේන්තුව විසින් ලංකා ආණ්ඩුව වෙත පණිවිඩයක් යවා තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සමාජයේ විවිධ පුද්ගලයන්ට සිදුවන බලපෑම් කෙරෙහි අවධානය යොමු කරමින්, සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන්, ලේඛකයන් මෙන්ම සුළුතර ප්රජාවන්ගේ සහ සිවිල් සමාජයේ සාමාජිකයන් ඉලක්ක කර රජය බලහත්කාරියක් භාවිතා කරන බව ඒහි සඳහන් වේ.මේ වනවිට නීතිඥ හිජාස් හිස්බුල්ලා, සහ අහ්නාෆ් ජසීම් නම් කවියකු මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටීම අවධානයට ගෙන ඇත.
දශක ගණනාවක් තිස්සේ පැවති සිවිල් යුද්ධය තුළ පැතිරී ගිය මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකීමෙන් බැහැර වීමට ආණ්ඩුව ගෙන ඇති උත්සාහය යුරෝපීය පාර්ලිමේන්තුව හෙළා දකී. බරපතළ වැරදි සම්බන්ධ චෝදනා එල්ල වී ඇති වර්තමාන සහ හිටපු හමුදා අණ දෙන නිලධාරීන් රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරු සඳහා පත් කර ඇති බව යුරෝපා සංගම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලියුමේ සඳහන් වේ.
2017 සිට ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ ජීඑස්පී + සමඟ වෙළඳ ගිවිසුමක් ඇති කර ගෙන ඇති අතර එමඟින් ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සඳහා යුරෝපා සංගම් වෙළඳපොළට වඩා හොඳ ප්‍රවේශයක් ලබා දෙන බව යෝජනාව විසින් අවධාරනය කර ඇත.
ත්රස්තවාදයට එරෙහිවීම මෙන්ම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් ලෙස තමන් ප්‍රශ්න කරන බව යුරෝපා පාර්ලිමේන්තුව ආණ්ඩුවට සිදුකර ඇති ලිඛිත විමසුමෙන් අනාවරණය වේ.