හොංකොං හිදී අද (17) නිමාවට පත්වූ තුන්වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී.
ලංකා ක්‍රිඩකයෝ මිශ්‍ර සහය (මීටර 1000 – පිරිමි) ඉසව්වේ රිදී පදක්කම ලබාගත් අතර මීටර 400 (පිරිමි) ඉසව්වේ සිට මෙතෙක් හොඳම දක්‍ෂතාවය පළ කළ නවිෂ්ක සන්දීෂ් තත්පර 48.26 කට රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය.එසේම ඔහු මෙවර ආසියානු යොවුන් තරගාවලියේ වඩාත්ම කැපී පෙනුණු ක්‍රීඩකයා බවට පත්වූයේ ශ්‍රී ලංකාව දිනා ගත් මීටර 100×4 සහය දිවීමේ පිරිමි ඉසව්වේ දක්ෂතා හේතුවෙනි. හිරුෂ හෂාන් (මීටර 100), මලින්ද පෙරේරා (මීටර 200) හා ඉසුරු අබේවර්ධන (මීටර 100) පිළිවෙලින් එහි අනෙක් අදියර තුන නිමාවට පත් කළ ක්‍රීඩකයෝ වූහ.
මීටර 400 කඩුලු පැන දිවීමේ කන්තා ඉසව්වේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකා මහනුවර විහාරමහාදේවි බාලිකාවේ අමේසා හෙට්ටිආරච්චි විනාඩි 1 තත්පර 1.42කට ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තාය. මීටර 200 කාන්තා ඉසව්වට තරග කළ ශ්‍රී ලංකාවේ සදීපා හෙන්ඩර්සන් (තත්පර 24.98) පස්වැනි ස්ථානයට පත්වූවාය. මීටර 800 ක්‍රීඩිකා ෂානිකා ලක්‍ෂානි (විනාඩි 2 තත්ත්පර 14.25) සිව්වැනි ස්ථානයටද පත්විය.