මාර්තු මස රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගය ජයගැනීම සඳහා මහනුවර තෙල්දෙණිය සිද්ධිය උදව් වූ බව අමිත් වීරසිංහ පවසයි. මේ හරහා මුස්ලිම් කොංග්‍රසයේ සහාය ආණ්ඩුවට ලබාගැනීමට හැකිවූ බව ඔහු පවසා තිබේ.
පසුගියදා තෙල්දෙණිය ප්‍රදේශයේ ජාතිවාදී ගැටුම් ඇතිකිරීමේ සිදුවීමට සැකපිට අත්අඩංගුවට පත් අමිත් වීරසිංහ ඇප මත නිදහස් වීමෙන් අනතුරුව මේ අදහස් පළකර ඇත.
එසේම අමිත් වීරසිංහ පවසන ආකාරයට තෙල්දෙණිය සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත තවත් පුද්ගලයෙක් වන නාමල් කුමාර, පසුව පූජිත් ජයසුන්දර විසින් අමිත් වීරසිංහව අත්අඩංගුවට ගැනීමට සහාය වන්නේ නම් ලක්ෂ 5ක් මුදලක් ලබාදීමට පොරොන්දුව වී නිදහස් කර ඇත.
නමුත් පූජිත් ජයසුන්දර ලබාදුන් ලක්ෂ 5 ලබාගෙන ඇත්තේ නාලක සිල්වා බැවින් නාමල් කුමාර සහ ඔහු අතර ගැටුමක් ඇතිවී ඇතැයි අමිත් වීරසිංහ පවසයි. ඔහු පවසන ආකාරයට පසුගිය දිනවල නාලක සිල්වාගේ හඬපට කිහිපයක්ම ප්‍රසිද්ධ කිරීම බලපා ඇත්තේ එම හේතුවයි.