Posted on 09.25.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් තෝරාපත් කරගත් අයකු නොවන බවත් පාර්ලිමේන්තුව අත්හිටුවන්නට ගත් අත්තනෝමතික තීරණය අධිකරණයෙන් පරාජය කළ අවස්ථාව යොදාගෙන ඔහු පළවා හැර ජනතාවට ජයග්‍රහණ ගනෙ ආ යුතු බව ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් පවසයි.
ලේබර් පක්ෂ නායකයා ඊයේ(24) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් මේ බව පවසා තිබිණි. දැනට පවතින තත්වය තුළ ඔක්තෝබර් 31 ආරම්භවන්නට නියමිත යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාදාමය වෙනුවට එම ක්‍රියාදාමය වඩා විධිමත් ආකාරයෙන් සිදුකරන්නට යුරෝපා සංගමය සමග කොන්දේසි සහගත ගිවිසුමක් ඇතිකරගත යුතු බවට ලේබර් පක්ෂය ඇතුලු විපක්ෂයෙන් ගෙන එන ලදී. එහෙත් එය යථාර්ථයක් බවට පත්වීම වැළැක්වීමට පාලක කොන්සර්වටිව් පක්ෂයෙන් කළ ඉල්ලීමක් අනුව රැජින විසින් පාර්ලිමේන්තුව හදිසියේ කල්තබන ලදී. යුරෝපා සංගමයෙන් ඉවත්වන්නට බ්‍රිතාන්‍ය ජනයා ජනමත විමසුමකින් දුන් තීරණය අනුව එය ආර්ථිකයට අවදානමක් නොවන පරිදි යම් කොන්දේසි සහිත ක්‍රමවේදයකට සිදුකළ යුතු බවට ලේබර් පක්ෂය විසින්
යෝජනාවක් සම්මත කර තිබේ. ඒ අනුව දැන් ඇත්තේ හදිසියේ පාර්ලිමේන්තුව අත්හිටුවමින් යුරෝපා සංගමයෙන් ඉවත්වන ක්‍රියාදාමය පාර්ලිමේන්තුවේදී සංනාදයකට ගැනීම වැලැක්වූ කොන්සර්වටිව් පාලනය පෙරලා දමා ජනතාවට ජයග්‍රහණ ගෙන දෙන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ඔහු ලේබර් පාක්ෂිකයන්ට සහ සෙසු මන්ත්‍රිවරුන්ට පැවසීය. ජනතා මතය ප්‍රතික්ෂේප කළ ජොන්සන් අගමැතිවරයා පරාජය කිරීමට නම් කළ යුත්තේ ජනතාවගේ මතය විමසමින් ආණ්ඩුවක් පිහිටුවීම බව කෝබින් පවසයි. මහමැතිවරණය දක්වා භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නට තමන්ට සහාය දෙන ලෙස ඔහු විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ජෙරමි කෝබින්ට භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නට කොන්සවටිව් මන්ත්‍රිවරුන්ගෙන් සහායක් හිමි නොවනු ඇති බවට මත පළ වේ.
මේ අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අගමැති ජොන්සන්ට එරෙහි විශ්වාසභගංයක් ගෙන එන්නට ඇතැම් විපක්ෂ මන්ත්‍රිවරු යෝජනාකර තිබේ. එහිදී භාරකාර ආණ්ඩුවකින් මහමැතිවරණයකට යන්නට හැකිවන බව ඔවුන්ගේ අදහසයි.