තොණ්ඩමන් අවමඟුල නිරෝධායන නීතියට – සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

අභාවයට පත් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවන ලද නීතිරීතිවලට අනුව සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායකයාගේ දේහය සම්බන්ධ සියලු කටයුතුවලදී ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ නිරෝධායන නීති බිඳීම සහ ජනාධිපතිවරයා හා අගමැතිවරයාද ඒ්වාට සහභාගි වීමත් නිසා ඒල්ලවූ විරෝධය හමුවේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇත. ඒම අවසන් කටයුතු හෙට (31) පස්වරුවේ කොටගල, නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒම අවස්ථාව සඳහා සීමිත පිරිසක් සහභාගී කරවා ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තොණ්ඩමන් පවුලේ සාමාජිකයින්ට සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට ද දන්වා යවා ඇත. දේහයේ සිදුකෙරෙන නෝර්වුඩ් ක්‍රීඩාංගණයට විශාල පිරිසක් සහභාගී කරවාගැනීමට යන බවට ලැබී ඇති ආරංචි හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර ඇත.

Chandana Sirimalwatte :