Posted on 06.27.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
දකුණු සුඩාන ජනාධිපති සෙල්වා කීර් හා එරට කැරලි නායක රික් මැක්හාර් අතර මූලික කරුණු පහක් සම්බන්ධයෙන් එකගතා ගිවිසුමකට එරට අගනුවර වන කර්ටූන්හිදී අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෙපාර්ශ්වයේ මෙම හමුව හා සාම ගිවිසුමක් ඇති කිරීම සදහා සුඩාන ජනාධිති ඔමාර් අල් බසීර් හා උගන්ඩා ජනාධිපති යොසේරි මුසවේනිගේ විශේෂ මැදිහත්වීම කැපී පෙනෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇති කරගත් එකගතාවයන් පිළිබදව තොරතුරු අද දින හෙළිකරන බව එරට විදේස ඇමැති අල් දිර්දිර් මොහොමඩ් ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ. පසුගිය සතියේදී මොවුන් දෙනො අතර හමුවක් පවත්වාතිබේ මෙම හමුව සිදුව ඇතිතේ වසර දෙකකට පසුවය.
එම එකගතාවයට ආ කරුණු පහ අතර දෙපාර්ශ්‍යවය අතර සාම සාකච්ඡා ආරම්භ කිරීමද ඇතුලත් බව වාර්තාවේ. සුඩානයෙන් දකුණු සුඩානය වෙන්වීමෙන් පසුව දකුණු සුඩාන වත්මන් ජනපති හා එරට කැරලි නායක රික් මැක්හාර් අතර යහපත් සම්බන්ධතාවයක් ගොඩ නැගී තිබුනි. ඒ අනුව දකුණු සුඩාන වෙන්වීමෙන් පසුව පළමුවරට පිහිටවූ ආණ්ඩුවේ උප ජනාධිපතිවරයකු ලෙස කෙටි කලක් කටයතු කළහ.
ඉන්පසුව දකුණු සුඩාන ජනාධිපති සෙල්වා කීර් විසින් සිය හමුදා යොදවා රික් මැක්හාර්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අතර මේ බව දැනගත් රික් මැක්හාර් සිය අනුගාමිකයින් සමග එම හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම කටයුතු කිරීම ආරම්භ කළ අතර පසුව දෙපාර්ශ්වය අතර බරපතල ලෙස ගැටුම් ඇතිවී දකුණු සුඩානයේ සිවිල් යුද තත්වයක් ඇති නිර්මාණය විය. එකෙත් පැවැති සිවිල් පරිපාලනය දරුණු ලෙස බිදි වැටුනි.
මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර ගැටුම් නැවැත්වීම සදහා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා පවා යොදන්නට සිදුවිය. මෙම ගැටුම් හේතුවෙන් සුඩාන වැසියනි දහස් ගණනක් මියගිය අතර තවත් දශ ලක්ෂ හතරක් පමණ ජනතාව අවට රටවලට සරණාගතයින් ලෙස පළාගියහ.