Posted on 04.13.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
යුද අපරාධවලට චෝදනා ලැබ සිටින සහ මේ වනවිට බලයෙන් පහ කරන ලද හිටපු සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් කිසිදු රටකට බාර නොදෙන බව එරට නව හමුදා පාලකයෝ ප්‍රකාශ කරති.
මේ වනවිට රැඳවුම්භාරයේ පසුවන හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවශ්‍ය කර සිටින නමුත් කිසිදු රටකට ඔහු භාරදීමේ අදහසක් නැති බව සුඩානයේ නව මිලිටරි කවුන්සිලයේ දේශපාලන කමිටුවේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඕමාර් සැනින් අල් අබ්දීන් ජනමාධ්‍ය හමුවකදී පැවැසීය. හමුදා කවුන්සිලයක් වශයෙන් රට පාලනය කරන බව සදහන් කළ ඔහු ඒම කවුන්සිලයේ තීරණ අනුව මෙම ප්‍රකාශය සිදුකර ඇත. පසුගිය කාලයේ දකුණු සුඩානය සමග යුද වැදුණු සුඩාන හමුදාවල යුද අපරාධවලට වගකිවයුතු බවය බලයෙන් පහ කළ සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් වෙත ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කර තිබෙන වරෙන්තුව සම්බන්ධයෙන් නව හමුදා පාලනය ඒසේ සිය ස්ථාවරය පළ කළේය.
