එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පොදුජන පෙරමුණ විසින් බලය ස්ථාපිත කරගන්නට නම් දැන් කළ යුත්තේ පාර්ලිමේන්තුව තුළ 113 හදාගැනීමට මහන්සි වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.
පුවත් පත් සාකච්චාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට එකතුවූ පිරිස නැවත ගෙන්වා ගැනීමට අමතරව තවත් කිහිප දෙනෙකු තම පැත්තට ලබාගැනීම වෙනුවෙන් වැඩ කළ යුතු බවයි.
මෛත්‍රීපාල සිරිසේන සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක් පැවති අවස්ථාවේ බහුතරය හදාගන්නා ලෙස උපදෙස් ලැබුණු බවද පසුගිය 16 දා වනවිට තීරණයක් ගැනීමට නොහැකි වුවහොත් අගමැතිවරයා ගැන තීරණයක් ගැනීමට සිදුවන බව ජනාධිපතිවරයා පැවසූ බව කුමාර වෙල්ගම සඳහන් කරයි.
ජනාධිපතිවරයා පර්ලිමේන්තුව හදිසියේ විසුරුවා දැමීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෝටි 50ක් වැනි මිල ගණන්වලට විකිණෙන තත්ත්වයක් ඇතිවූ බවත් එය නැවැත්වීමේ අරමුණින් පාරිලිමේන්තුව විසිරවූ බවයි. නමුත් එක්සත් ජාතික සන්ධානය බහුතරය පෙන්වන්නේ නම් වෙනත් පාර්ශවයකින් මන්ත්‍රීවරු බිලීබා ගැනීමට ඔවුන්ට සිදුවේ. ඒ සදහා අධික ලෙස මුදල් වියදම් කළ යුතු වේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ මන්ත්‍රීවරු විකිණෙන නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව කීම සහ බහුතරය හදාගැනීමට උපදෙස් දීම අතර පරස්පරයක් පවතියි.