දෙමළ ජාතික සන්ධානය ජනාධිපති සමග සාකච්ඡාවක!

පාර්ලිමේන්තුව තුළ ඇතිව තිබෙන ගැටුම්කාරි තත්වය තුල විසදුම් සදහා ගතයුතු පියවර සාකච්ඡා කිරීමේ අදහසින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද(17) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට ගියහ.

පසුගිය 14 වැනිදා ද පසුව 16 වැනිදාද මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට පත්කිරීමට එරෙහිව සම්මත කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන්නට හා ඉදිරියේදී ගැටුමකින් තොරව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිදු කිරීම ගැන ද එහිදී සාකච්ඡා කිරිමට නියමිත බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එම විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරනු පිණිස ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානය විසිනි. එසේම ජනාධිපතිවරයා  විසින් පසුගියදා හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ද ගොනු කරනු ලැබුවේද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් විසිනි.

Chandana Sirimalwatte :