මම පැය 24ම ඉන්නෙ දේශපාලන වශයෙන් එන ප්‍රශ්න කන්දරාවක් සමඟ බැවින් දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය වැනි සාමාන්‍ය ප්‍රශ්න ගැන සිතීමට මේ මොහොතේ බැරි බව ජනාධිපතිවරයා පැවසූ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසා තිබේ.
මේ අනුව දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට ඉදිරි සති කිහිපය තුළ විසදුමක් ලබා දෙන්නම් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසූ බව ඔහු සඳහන් කර ඇත.
බන්ධනාගාර ගතකර සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළකර තිබේ.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යනු මෛත්‍රීපාල සිරිසේනගේ ජන්ද පොරොන්දුවකි. නමුත් විටින් විට සාකච්ඡා පවත්වමින් අද විසදන්නම් හෙට විසදන්නම් පැවසුවද මෙතෙක් එයට විසඳුමක් ලබා නොදෙන ලදී.