Posted on 09.08.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
අප අතර සිටින ප්‍රවීන කලාකරුවකු වන ධර්මසිරි බණ්ඩාරණායකගේ චිත්‍රපට සම්බන්ධ කෘතියක්, ‘වම් ඉවුරේ තුන්වැන්නා -ධර්මසිරි’ නමින් රසික-සහෘද ජනයා අතරට පැමිණේ.
ජීවන්ත දයානන්ද විසින් රචනා කරන ලදුව, ‘නබෝ’ ප්රකාශනයක් ලෙස මෙම කෘතිය, සැප්තැම්බර් 15 දින සවස 3.00ට කොළඹ 7 මහවැලි කේන්ද්‍රයේදී ජනගතවේ.
සිංහල සිනමාවේදී වම්ඉවුරේ සිනමාකරුවන් ලෙස හැඳින්වූ තිදෙනකු අතුරින් තවමත් අප අතර සිටින ධර්මසිරි බණ්ඩාරණායකගේ වෘතාන්තමය චිත්‍රපට හා වාර්තා චිත්‍රපට යන සියලු සිනමා කෘති සම්බන්ධයෙන් රචනා කෙරුණු මෙම කෘතිය ජනගත කරන අවස්ථාවේ අදහස් දැක්වීමට, සෞම්‍ය ලියනගේ, සනත් ගුණතිලක, ස්වර්ණා මල්ලවාරච්චි සහ චින්තන ධර්මදාස සහභාගිවනු ඇත. එම අවස්ථාවේ කථන පුවරුවේ දායකත්වය, යශෝධා විමලධර්ම විසිනි.