Posted on 06.23.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
තීන්දුවක් නොමැතිව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පිරිස් වෙනුවෙන් යම් සාධාරණයක් ඉටු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා තිබේ.
නඩු නිමිත්තක්වත් නොමැතිව රක්ෂිත බන්ධනාගාරවල ඉතා දීර්ඝ කාලයක් ගත කරන පිරිස් සිටින බව කියාසිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ නඩු තීන්දුවේ දඬුවමට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කළ පුද්ගලයන් සිටින බව ද පවසා ඇත.
මේ පිරිස අතර විශාල සංඛ්‍යාවක් එල්.ටී.ටී.ඊ සැකකරුවන් ද සිටින බව ද මේ අයට යම් සාධාරණයක් ඉටු කරන්නැයි සිය කතාව හරහා නාමල් රාජපක්ෂ ඉල්ලා තිබේ.
LTTE සැකකරුවන් පමණක් නොව පාස්කු ප්‍රහාරයෙන් පසුද කිසිදු නඩු නිමිත්තක් නොමැතිව විශාල පිරිසක් රඳවා ගෙන සිටියි. අහ්නාෆ් ජසීම් කවියා ඉන් එක් අයෙකි. මෙහිදී නාමල් රාජපක්ෂට හදිසියේම මෙම අසාධාරණ ලෙස සිරගත කරන ලද පිරිස් මතක් වී ඇත්තේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ලංකාවට එරෙහි යෝජනාව නිසාදැයි සැක මතුවේ.