නවක වධයට එරෙහිව ‘ආවා’ කල්ලිය නමින් පෝස්ටරයක්

යාපනය විශ්ව විද්‍යාලයට තුළ නවක වදය ලබාදීම නවත්වන ලෙසත් නවක වධය ලබා දෙන්නවුන්ට දඬුවම් ලබාදෙන බවත් සඳහන් පෝස්ටර් කිහිපයක් ආවා කල්ලිය නමින් යාපනය විශ්ව විද්‍යාල භූමියේ අලවා ඇති බව වාර්තා වේ.

එම විශ්ව විද්‍යාලයේ කලා අංශයේ ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක පසුගියදා (09දා) රාත්‍රියේ ආවා කල්ලියේ බව කියවෙන අලවා තිබූ පෝස්ටර වලට පිළිතුරු වශයෙන් යාපනය විශ්ව විද්‍යාලය හා නැගෙනහිර විශ්ව විද්‍යලයන්හි ශිෂ්‍ය සංගම් විසින්ද නිවේදනයක් නිකුත් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට නවක වදයක් ලබා නොදෙන බව සඳහන් පෝස්ටර් ඊයේ (10) විශ්ව විද්‍යාලයේ කලා අංශයේ අදාළ ගොඩනැගිලිවල ඇලවීමට පියවර ගෙන ඇත.

Sithara Sajeewani :