Posted on 10.31.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත්කර ඇති චී ජන්හොන් දින 14ක් නිරෝධායනයට ලක්වීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසයි . ඔහු ඊයේ China Eastern සමාගමට අයත් MU 231ක දරණ ගුවන් යානයෙන් ලංකාවට පැමිණ තිබුණි.
නව තානාපතිවරයා ශ්‍රී ලංකාව තුළ දින 14ක් ස්වයං නිරෝධානයට ලක්වීමට නියමිත අතර ඔහු ෂැංහායි නුවරින් කොළඹ බලා පිටත්වීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වී ඇති බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් සම්බන්ධ අංශ ගණනාවක සේවය කර ඇති ඔහු බහරේන්, හොංකොං ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය තාන්ත්‍රික සේවයේද අත්දැකීම් ඇති අයෙකි.
කෙසේවුවද, පසුගිය කාලයේ ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් සහ චීන රාජ්‍ය නිලධාරීන් මෙරටට පැමිණීමේදී නිරෝධනය වීමක් හෝ පී සී ආර් වාර්තා ලබාගැනීමක් සිදු නොවිය. ඒ අවස්ථාවේ ලංකාවේ ආණ්ඩුව පාර්ශවයෙන් ඉදිරිපත් කරන ලද හේතුව වූවේ වියානා සම්මුතියට අනුව රාජතාන්ත්‍රිකයන් සම්බන්ධයෙන් විශේෂ වරප්‍රසාද හිමිවෙන බවයි.
ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් මුලදී මෙරටට පැමිණි චීන දූත පිරිස නිරෝධනයක් සඳහා යොමු නොවීය. එහෙත් පසුගියදා ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු නිලධාරීන්ද ස්වයං නිරෝධනය නොවී රටට ඇතුළුවී තිබූ අතර ඒ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය ද විශේෂයෙන් මතුකර තිබුණි.