Posted on 10.25.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රාජ්‍ය මර්ධනකාරී යාන්ත්‍රණය ශක්තිමත් කරමින් 1979දී ගෙන එන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට මෙන්ම අලුතින් හඳුන්වා දී ඇති නව සංශෝධන පනත් කෙටුම්පතටද ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය පල කරන බව අද(25) පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසා තිබේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් විජිත හේරත් පවසා ඇත්තේ 1979දි ගෙන එන ලද පනතේ වගන්ති කිහිපයක් ඉවත් කර එම වගන්තිවලටත් වඩා බරපතල වගන්ති රැසක්ම මෙම නව කෙටුම්පතට ඇතුළත් කර ඇති බවත් මෙය ත්‍රස්තවාදය දඩමීමාකරගෙන රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන එනු ලබන පනතක් බවත් මෙම පනත ක්‍රියාත්මක වුවහොත් අඩුම තරමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට ඇති අයිතිවාසිකම පවා අහෝසි වී යන බවයි.