Posted on 01.11.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
යම් පුද්ගලයකු නායකයකු වන්නේ නම් ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට විනයක් ඔහු තුළ තිබිය යුතු බව විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභයගේ අම්පාරේ ප්‍රකාශයට දැක්වූ ප්‍රතිචාරයක් දැයි දේශපාලන ක්ෂේත්රයේ අවධානයට ලක්ව තිබේ.
ජනවාරි 09 රාත්‍රියේ මාතර, මොරවක ප්‍රදේශයේ දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාංගනයක ආලෝක පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. ඔහු සිය අදහස් දක්වමින් පවසා සිටියේ පාසලක ක්‍රීඩා කර ඇත්නම් ප්‍රතිවාදී කණ්ඩායමේ අභියෝගය දරා ගැනීමේ පෞරුෂයක් පුද්ගලයකු තුළ ගොඩනැගෙන බවය.
ඒවැනි ගොඩනැගීමක් නොමැති අයකුට නායකත්වය දරාගෙන විවේචන දරා සිටීමට නොහැකිවන බව ඇමති ඩලස් සිය අදහස් පළකිරීමේදී පෙන්වා දී තිබිණි. ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා එසේ ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට විනයක් තිබිය යුතු බව අවධාරණය කර සිටියේ, එදිනම උදැසන ජනාධිපතිවරයා අම්පාරේදී සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස බවට ඇතැම් දේශපාලන විචාරකයන් අදහස් දක්වා ඇත. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකින් ගෝඨාභය සහ නන්දසේන යන නම් දෙක භාවිත කරමින් තදබල විවේචනයක් කළ නිසා ඊට තදබල පිළිතුරක් ලබාදී ඇති බව ආණ්ඩුවේ මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබිණි.
අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනට සහභාගීවෙමින් ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වා තමන් නන්දසේන ගෝඨාභය බවද ඒ් දෙවිධියටම වැඩ කළ හැකි බවද පවසා තිබිණි. ප්රභාකරන් තමන්ට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළද හතරගාතෙන් ඇදගෙන ආ බව පවසමින් ජනාධිපතිවරයා යම් ආවේගශීලි අදහස් පළකර තිබිණි.
හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට ‘නන්දසේන’ නමින් ආමන්ත්‍රණය කර තිබීම සේම, අනුරාධපුරයේ අයකු සිටින ජනාධිපතිගේ උපදේශකයකු සම්බන්ධ ප්‍රකාශය ගැන ජනාධිපතිවරයා කෝපයට පත්ව සිටී බව ඇතැම් ආණ්ඩුවට සම්බන්ධ මූලාශ්‍ර අනුමාන කර තිබිණි. හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා විසින් අනුරාධපුරයේ කෙනෙකු ලෙස අඟවා තිබුණේ ඥානා මෑනියන් ලෙස හඳුන්වන නක්ෂත්රාචාර්යවරියක යැයිද අනුමාන කෙරේ. ආණ්ඩුවේ ප්‍රධානින්ගේ අත්වල ඇති රක්තවර්ණ නූල ඇයගේ ආශීර්වාද බන්ධනයක් බවට මාධ්‍ය ක්ෂේත්රයේ අදහස් පළ විය.
හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා, ජනාධිපතිවරයාගේ මෙම ප්‍රතිචාරය නිසා තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට පැමිණිලි කර ඇති බවද වාර්තා විය.