Posted on 12.07.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෙළෙඳ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයේදී විෂය භාර ඇමැතිවරයා ලෙස තම කතාව ප්‍රමාණවත් ඉඩක පළ නොකිරීමෙන් තම වරප්‍රසාද කඩවීම නිසා අදාළ මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවියයුතු බව බන්දුල ගුණවර්ධන පවසයි.
දිනමිණ පුවත්පතේ පාර්ලිමේන්තු පිටුව මඟින් මෙම වාර්තා කිරීමේ දෝෂය නිසා එම පුවත්පතේ කර්තෘවරයා කැඳවා ප්‍රශ්න කරන ලෙස ඉල්ලා සිටින බවත් වෙළෙඳ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ දෙසැම්බර් 05 වැනිදාය. අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී ඇමතිවරයා පවසා තිබුණේ ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, පාර්ලිමේන්තුවේත් බලයට අභියෝග කරමින් සර්ව බලධාරි ලෙස කටයුතු කරන නිලධාරින් පිරිසක් සම්බන්ධයෙනි. තමන් විවේචනාත්මකව එසේ කතා කළද ඒවා පළ නොකරන දිනමිණ පුවත්පතේ කාටුන් එකකින් පවා පහර ගසා ඇති බවද ඇමතිවරයා ෙමැසිවිලි නගා ඇත. මහජන බදු මුදල්වලින් පවත්වාගෙන යන දිනමිණ පුවත්පත ජාවාරම්කරුවකු වෙළෙද ඇමතිට පිත්තකින් පහරදෙන ආකාරය සිතුවම් කර තිබිණි.
