නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගියකු මියයාම ගැන චෝදනාවක් !

රජයට පවරාගත් බවට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පැවසූ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කළ රෝගී කාන්තාවක් මියයාම සම්බන්දයෙන් ඇයගේ ඥාතින් රෝහල් බලධාරින්ට චෝදනා කර ඇත.

දින කිහිපයකට පෙර මෙම කාන්තාව රෝහල්ගත කරන ලද්දේ අතක දරුණු වේදනාත්මක තත්වය නිසා වුවද රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරු ඇයට පිලිකාවක් වැලදී ඇති බව නිර්ණය කර ශල්‍යකර්මයක් සිදුකර ඇත. මෙම ශල්‍යකර්මයෙන් පසුව ඇය මරණයට පත්වී ඇති බැවින් රෝහලේ වෛද්‍යවරු වගකීමෙන් තොරව කටයුතු කර ඇතැයි ඥාතීහු චෝදනා කරති. කෙසේවෙතත් මෙම රෝගියාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව ලැබෙනතුරු කිසිවක් ප්‍රකාශ කල නොහැකි බව රෝහල් බලධාරිහු පවසති.

වෛද්‍ය උපාධිය මුදලට ලබාදෙනු පිනිස සයිටම් ආයතනය පිහිටවූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු එ් සදහා පුහුණු ආයතනය ලෙස නෙවිල් ප්‍රනාන්දු රෝහල ආරම්භ කළේ ලංකා බැංකුවෙන් නියමිත ක්‍රමවේදයෙන් බාහිරව රු. මිලියන 600ක ණය මුදලක් ලබා ගෙනය. මහින්ද රාජපක්ෂ පාලනයෙන් හිමිවූ එම වරප්‍රසාදය ඇතිව සයිටම් ආයතන වෛද්‍ය පීඨය නීතිගත කරගන්නට දැරූ උත්සාහයේදී ජනතා විරෝධය මැද එම ආයතනය වසා දමන්නට සිදු විය. නෙවිල් ප්‍රනාන්දු රෝහලට රෝගින් නොපැමිීණීම නිසා එය අලාභ පිට පවත්වාගෙන යාම නිසා රජයට කළ ඉල්ලීම නිසා රජයට පවරාගන්නට සිදු විය.

Chandana Sirimalwatte :