Posted on 09.05.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
පාකිස්ථානයේ 13 වන ජනාධිපතිවරයා ලෙස වත්මන් පාකිස්ථාන පාලක පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අරීෆ් අල්වි තේරී පත්ව ඇත.
එරට පාර්ලිමේන්තුවේ හා පළාත් හතරේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්තීවරුන්ගෙන් පාකිස්තාන ජනාධීපතිවරයා තොරාපත්කිරීමේ ජන්දය ඊයේ පැවැත්විනි.
වත්මන් ජනාධිපතිධුරය දරණ මම්නූන් හුසේන් එළැඹෙන සැප්තැම්බර් මස 09 වැනි දින සිය ධූරයේ කාලය අවසන්වේ.
පාකිස්ථාන මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ නිවේදනයකින් පවසන්නේ අරීෆ් අල්වි මහජන නියෝජිතයින් 353කගේ කැමැත්ත ලබා ගනිමින් ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇති බවයි.
පාකිස්ථාන තරීක් අයි ඉන්සාෆ් පක්ෂයෙන් ඉදිරිපත්වූ අරීෆ් අල්වි මෙවර ජනාධිපතිපති අපේක්ෂක ධූරය ජය ගෙන තිබෙන්නේ විපක්ෂයෙන් ඉදිරිපත් ඛල අපේක්ෂකයින් දෙනෛකු පරාජය කරමින්ය.
පාකිස්තාන මුස්ලිම් ලිගයේ සහාය වෙර හිමිව තිබුනේ ෆස්ලූර් රෙහ්මන්යට.