ඔක්තෝබර් 26 වැනිදා හදිසියේම අගමැති ඉවත්කර තමන් කැමති පුද්ගලයකු අගමැති ලෙස නම්කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, එම කුමන්ත්‍රණය පරාජයට පත්වූ පසු පළමු වරට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කැදවා ඇත.
මේ අනුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හෙට (24) පෙරවරු 8.30 ට කොළඹ, මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවද ඉන්පසුව ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම පෙරවරු 9.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදීද කැදවා ඇත. පරාජයට පත්වූ ක්‍ුමන්ත්‍රණයෙන් පසුව, ඉදිරි කටයුතු සම්බන්ධවද ජනාධිපතිවරණයක් එළඹෙන්නට නියමිත නිසා ඒ පිළිබදවද ජනාධිපතිවරයා සිය අදහස් සාකච්ඡා කරන්නට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.